Colombo Today Local News

මහනුවර ගිනියම් වෙද්දී අගමැති උලමා සභාව සමග විශේෂ සාකච්ඡාවක

මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජමියතුල් උලමා සභාවේ නියෝජිතයන් අතර හදිසි සාකච්ඡාවක් ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී සිදුවිය.

මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ විශාල මුස්ලිම් ජාතික පිරිසක් කොල්ලුපිටියේ පල්ලිය අසලට රැස්වී විරෝධතාවය දැක්වූහ.

මුස්ලිම් ජාතික පිරිසකගේ අමානුෂික පහරදීමක් හේතුවෙන් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මුස්ලිම් ජාතික වෙළදසැල්වලට පහර දීමක් දක්වා දිරදිග ගියේය.

මේ අතර ඊයේ රාත්‍රියේ තෙල්දෙණිය කුඹුක්කදුර සිංහල ගම්මානයේ නිවාස කිහිපයකට කලහකාරීන් පිරිසක් පහරදී ඇති අතර, පෙට්‍රල් බෝම්බ සහ කඩු අතැතිතව සිටි මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

නීතිවිරෝධීව පැවැත්වු ‘ආවා’ කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් වටලයි

colombotoday

තවත් කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කරයි

colombotoday

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි

colombotoday

2024 අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට

Admin

අධිකරණයට අපහාස කිරීම: රංජන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට

colombotoday

සිකුරාදා තෙක් පෝලිම්වලට එන්න එපා.. ගෑස් නෑ .. – ලිට්‍රෝ

colombotoday