Colombo Today Local News

ජිනීවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු – විපක්ෂනායක සම්බන්ධන් රජයට කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද ජාතීන් අතර සංහිඳියාව සම්බන්ධ යෝජනා ක්‍රියාවට නගන මෙන් යළිත් වරක් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එය ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත දෙමළ ජාතික සන්ධානය ඉල්ලීමක් ඉදිරිපත් කරන බව ද සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය.

පසුගිය වසර කිහිපය ඇතුළත එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා කිහිපයක්ම සම්මත කරනු ලැබුවත් තමන්ට සෑහීමකට පත්විය හැකි ආකාරයට එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සමත් වී නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේ ත්‍රිකුණාමලයේදී මාධ්‍යවේදීන් අමතා අදහස් දක්වමිනි.

එබැවින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ද සම්බන්ධ වී සම්මත කරගන්නා ලද 30/1 යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන මෙන් ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

පවත්නා වාතාවරණය පිළිබඳව ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රසාදයක් නොමැති වුවත්, තමන්ට ඒ සමස්ත ක්‍රියාදාමය අත් හැර දැමිය නොහැකි බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය, වගවීම සහ සංහිඳියාව සහතික කිරීමට ඉවහල් වෙන ජගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් කෙරෙහි යොමුවීම ඇතුළු වෙනත් විසඳුම් මාර්ග දෙස අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් – හුසේන් කුමරු ද පසුගිය සතියේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය.

මානව හිමිකම් භාර මහ කොමසාරිස් වරයා එම ඉල්ලීම කළේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2017-18 වසරට අදාළ සිය වාර්තාව මානව හිමිකම් මණ්ඩලය වෙත යොමු කරමිනි.

(බීබීසී සිංහල සේවය)

Related posts

ගුවන් හමුදාව ස්ථාපිත කරනු ලැබු ස්කයි පෙට් සත්ව රෝහල විවෘත කරයි

colombotoday

15වැනිදා මහ වැඩ වර්ජණයකට බස් ගැමුණු සැරසෙයි!

colombotoday

පසුගිය මාස කිහිපයට ඇමැතිට හොරෙන් ලං.වි.ම. බිලියන ගණන් ණය අරන්

colombotoday

ජංගම දුරකතන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගිය අයෙකු දුම්රියේ වැදී මරුට

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩ ගැසෙයි

colombotoday

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday