Colombo Today Local News

ජනපති මඩකලපුවේ.. මංගලාරාමය මගහැර කෝවිලට යයි.. විරෝධතා දක්වා කලු කොඩි එසවේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සදහ අද 03 මඩකලපුව බලා යෑමට නියමිතය.

මෙවරත් ජනාධිපතිවරයා, මඩකලපුව නගරයේ එකම විහාරස්ථානය වූ ශ්‍රී මංගලාරාමය මගහැර අසල පිහිටි කෝවිලේ ආගමික කටයුතක් සදහා සහභාගීවීමට නියමිත බව විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.

යම් හෙයකින් ජනාධිපතිවරයා පන්සල මගහැර කෝවිලට ගිය හොත් තමන් වහන්දේ එයට දැඩි විරෝධය දක්වමින් කලු කොඩි දමන බවද එහිමියෝ කියා සිටිති.

මීට පෙරද ජනාධිපතිවරයා මඩකලපුවේ සංචාරය කළ අවස්ථාවේ එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය විවෘත කිරීම සදහා කළ ආරාධනය මගහැරීම නිසා උරණ වූ හිමියෝ ජනාධිපතිවරයාගේ නම සහිතව ඉදිකර තිබූ සමරු ඵලකය කඩා දැමූහ.

[fbvideo link=”https://www.facebook.com/venampitiye.sumanarathanathero/videos/2106093079626035/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කෙරේ

colombotoday

දුම්රියේ ගැටුණු පුද්ගලයෙකු මරුට

Admin

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

colombotoday

මල්වතුහිරිපිටිය භික්ෂූ ඝාතන සිදුවීමේ වෙඩික්කරු අත්අඩංගුවට

Admin

දුෂ්කර පාසැලක් වෙනුවෙන් මාධ්‍යවේදී ලංකා ජයවර්ධන පෙරමුණ ගනී (video)

Admin

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin