Colombo Today Local News

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ගන්න ඉන්ටපෝල් නිල් වරෙන්තුවක් ඉල්ලයි

ලබන මාර්තු 08 වනදා රහස් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි අධිකරණය නැවත වරක් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නියෝග කර ඇත.

මහබැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා යැයි හැදින්වෙන ඔහුට මීට පෙරද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබුණු අතර, සිංගප්පූරුවේ ඔහුට අදාළ ලිපිනය වෙත මෙම සිතාසිය භාරදීමට නොහැකිව තිබුණේ එම ලිපිනයේ ඔහු පදිංචිව නොසිටි බැවිනි.

එබැවින් රහස් පොලිසිය අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා නිල් වරෙන්තුවක් ලබා දෙන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

සාමකාමීව විරෝධතා දැක්වීමට ලාංකිකයන්ට අයිතියක් තියෙනවා – අමෙරිකානු තානාපති

colombotoday

බ්‍රික්ස් සාමාජිකත්වය ගන්න සූදානම්

Admin

අලි සබ්‍රි අල්-ටකියා භාවිතා කරන කපටි නරියා ඉස්ලාම් අන්තවාදීන්ගේ උවමනාව නියෝජනය කරන රජයේ නියෝජිතයායි.

colombotoday

ශ්‍රී ලාංකික කතුන් 9කට මැදපෙරදිගදී මරණ දඩුවම

colombotoday

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

colombotoday

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday