Colombo Today Local News

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක්  පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇතිබව එක්සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිඳු ජනපදනමක් නොමැති එම සුළුතරය, පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැර වීමට නොහැකි තරම් බරපතළ වී ඇතිබවයි.
මෙම තත්ත්වය හමුවේ පක්ෂය තුල රැඩිකල් වෙනසක් සිදුවිය යුතුබවත් තරුණ කොටස් සඳහා ඉදිරියට පැමිණීම ට අවස්ථාව සලසා දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.
රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ අද (01) පෙරවරුවේ මෝදර,කිඹුලාඇල ප්‍රදේශයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා භාන්ඩ ප්‍රදානය කිරීමේ උත්‍සවයකට සහභාගී වී මෙන් අනතුරුව මාධ්‍ය ට අදහස් දක්වමිනි.
”  බලය ගත්තට පස්සෙ තමන් ළඟ සිටි අය අමතක වෙනව. හරියට තමන්ගෙ ගෙදර අය ඉද්දි අල්ලපු ගෙදර අයට ආලය කරනවා වගේ. අද අපි පාක්ෂිකයන් ගැන හිතන්න ඕනෑ. පාක්ෂිකයන් ආරක්ෂා කරන්න ක්‍රම වේදයක් සකස් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී වරු පක්ෂය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකර තිබෙනවා. අපේ පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුයි.අපි ඒක එදා ඉදලා ප්‍රකාශ කළා. අපේ පක්ෂය විතරක් නොවේ අනෙකුත් පක්ෂ වලත් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය වී තිබෙනවා.
හොදම උදාහරණය තමා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරනතුංග මැතිනිය, ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගිහින්, නැවත අත්තනගල්ල ආසනය භාර ගත්තා, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය බැලුවොත් තුන්වැනි තැනට ඉන්නෙ. මා සම්බන්ධයෙන් මාරපන කමිටුව පත් කළා, ජනවරමක් නොමැති අය කොහොමද, ජනපදනමක් තිබෙන  මා වැනි  කෙනෙකු පිළිබඳව තීරණ ගන්නෙ.
මේව රට්ටු හිනස්සන වැඩ.  අද ජනතාවට දේශපාලනය එපා වෙලා. මම මුදල් ඇමැති කාලෙ ජනතාවට දැනෙන වැඩ කොටසක් කළා. ජාතික රක්ෂණ භාර අරමුදල හරහා රටම රක්ෂණය කළා. පාසල් ළමුන් සඳහා විශේෂ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. අඩු ආදායම් ලාභී ජනතාව සහ සුළු, මධ්‍යම, මහාපරිමාණ ව්‍යපාරික ජනතාව සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ගෙනාව.
උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ ගුරුවරුන් ට ටැබ් පරිගණක ලබා දීමට පියවර ගත්ත. මේවාට දැන් අයිතිවාසිකම් කියන්න බොහෝ දෙනෙක් ඉන්නව. හරියට අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියනව වගේ .” යැයිද  රවී කරුණානායක මහතා වැඩි දුරටත් කීය.

Related posts

තහනම් නිවේදනයෙන් පසු බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

colombotoday

සිංහල චන්දයෙන් දෙමළ ඊළමක් ලබාගැනීම!

colombotoday

මවට අමතක වූ සිඟිත්තා ජල ටැංකියට බිලි වෙයි

Admin

රටට අහිතකරන කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ.. ඩලස් අලහප්පෙරුම කියයි

colombotoday

මීලග “නබි නායක උපන්දිනය” ජාතික උත්සවයක් ලෙස විල්පත්තු, මුසලි ප්‍රදේශයේදී සමරනවා – අගමැති රනිල්

colombotoday

නව ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු වාර්තාව අගෝස්තුවේ පාර්ලිමේන්තුවට !

colombotoday