Colombo Today Local News

“හමුදා ප්‍රකාශකගේ පැහැදිලි කිරීම හාස්‍යජනකයි” – ගම්මන්පිල

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලංකාවට කැඳවීම සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශකවරයා සිදුකරන පැහැදිලි කිරීම හාස්‍යජනක බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කොටි සංවිධානයේ විරෝධතා, උද්ඝෝෂණ මැද ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසීමට බ්‍රිගේඩියර්වරයා ලංකාවට කැඳවූ බවට හමුදා ප්‍රකාශකවරයා ප්‍රකාශ කළත් ඒ පිළිබඳව හමුදා අභ්‍යන්තරයේ යම් කැලඹීමක් ඇතිවෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ඊයේ (22) කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිගේඩියර්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් නොකරන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළත් ඔහු ලංකාවට කැඳවූ නියම හේතුව හෙළි කිරීම හමුදාව සතු වගකීමක් බවද ඔහු පැවසුවේය.

Related posts

සල්ලි හොයන්න භාණ්ඩාගාර බිල්පත් විකුණයි

Admin

කන්ටේනර් තුල සැගව තිබූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු හෙළිවෙයි

colombotoday

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday

අකිලගේ ගමට අරන් ගිය E-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගමට !

colombotoday

ජනපතිගෙන් කතානායකට පොරොන්දුවක්…

colombotoday

මහින්දානන්ද, නලීන් – ඊළඟට ජොනී?

Admin