අගමැතිවරයා වෙනස් කිරීමට තරම් අසනීපයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නැතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ඊයේ (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එබව කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් බහුතර බලයක් පෙන්වන බව කීවද එය කිරීමට පවා නොහැකි වූ බවද හෙතෙම කීවේය.