Colombo Today Local News

බස් රථයේ පිපිරීම ගැන හමුදාවෙන් ප්‍රකාශයක් !!

දියතලාවේදී අද අළුයම බස් රථයක් තුළදී සිදුවූ පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව යුද හමුදාව පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පැවසුවේ පෞද්ගලික බස් රථයක් තුළ පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූවන් 19 දෙනා අතර හමුදා සාමාජිකයන් 12 දෙනෙකු සිටින බවයි.

ඉන් 05 දෙනෙකු යුද හමුදා සාමාජිකයින් වන අතර, 08 දෙනෙකු ගුවන් හමුදා සාමාජිකයින් බවද ඔහු කියා සිටියේය.

යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුළ අද අලුයම මෙම පිපිරීමත් සමඟ ගින්න හට ගත්තේය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂක නිලධාරීන් කැදවා ඇති බවයි.

Related posts

දූෂිත නිලධාරියාටත් එරෙහිව නීතිමය පියවර ගත යුතුයි -ආරක්ෂක ලේකම්

colombotoday

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

ගිලෙන නැවේ මීයෝ වගේ එකා දෙන්නා රනිල්ව දාලා යනවා… “බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි…” – මුසම්මිල්

colombotoday

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin

බන්දුල දේශපාලනයෙන් විශ්‍රාම ගනී?

Admin

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

colombotoday