Colombo Today Local News

එජාපය හැර ගියොත් බෙල්ල මිරිකනවා

ජාතික ආණ්ඩුව වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහි වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු සහාය ලබා දුන්නොත් තමන් එම පිරිසගේ…

බෙලි මිරිකන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා  ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදී පසුගිය පාලන සමය යළි ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු පාවා දෙනවා නම් ඔවුන්ට ජනතාවගෙන් කිසිදු සමාවක් නොලැබෙන බවද හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටු වීම සඳහා තමාටද කිහිප දෙනකු ආරාධනා කළ බවත් තමා එම ආරාධනය ප්‍රතික්ෂේප කළ බවත් ප්‍රකාශ කළ විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ කිසිපදෙනකු එසේ යන බවට පැතිර යන ආරංචි ගැන තමා දැඩි අවධානයකින් පසුවන බවයි.

Related posts

සියෝමි සමාගමේ පළමු විද්‍යුත් මෝටර් රථය

Admin

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

colombotoday

විමල් වරදක් නිවැරදි කරයි… නාම පුවරුවේ සිංහල මුල් තැනට !

colombotoday

දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධ විපක්ෂය පළමු ආසන බළමණ්ඩලය හක්මණදී පිහිටුවයි

colombotoday

සාගල, අකිල අතටර හරීනුත් එයි.. එජාපයේ ලොකු තැනක් වෙනුවෙන් තුන්කොන් සටනක් !

colombotoday