Colombo Today Local News

විගණකාධිපතිට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආසන්නව තිබියදී මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය ණය සම්බන්ධයෙන් අසත්‍ය අදහස් දක්වමින් සමාජය මුළා කිරීමට උත්සාහ කළ රජයේ විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ විගණකාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම හේතුවෙන් ප්‍රාග්ධන වෙළෙඳපොළ අවුල් වී ඇති බවයි.

අගමැති, පාර්ලිමේන්තුව, විගණකාධිපති හා ශ්‍රී ලංකා මහ බැංකුව යන සියලුම පිරිස් එක්වී මෙම බොරුව සමාජගත කිරීමට යෑම නිසා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව නිරුවත් වී ඇති බවත් මේ වසරේ ඇති වන මූල්‍ය කඩා වැටීමෙන් කිසිවකුට රට බේරා ගැනීමට නොහැකි වන තත්ත්වයක් ඇති වන බවත් ඔහු පැවැසීය.

මන්ත්‍රිවරයා මේ සඳහන කළේ (13දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Related posts

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday

විශ්වාසභංගය මොකක් වුණත් 2020 දක්වාම අගමැති රනිල්මයි – පී හැරිසන්

colombotoday

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් අරමුදල් සපයා ගන්න අනුමැතිය

Admin

ජනාධිපති, ආරක්ෂාව සම්බන්ධයෙන් මුකුත් දන්නෙ නැහැ… එයා බයයි !!

colombotoday

චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday