Colombo Today Local News

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ ඇමතිවරු අද (11) පෙරවරු 11.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රීලනිප ඇමතිවරු සිය අමාත්‍යධූර වලින් ඉවත්වීමට තීරණය කර ඇත්දැයි කළ විමසීමකදීය.

අමාත්‍යධුරවලින් ඉවත්වීමට මෙතෙක් තිරණය කර නැතැයි ද ඔහු කියා සිටියේය.

කෙසේවුවද, මේවන විට අමාත්‍යවරු අතර යෝජනා දෙකක් ඇතැයිද ඉන් එකක් අමාත්‍යධූරවලින් ඉවත්වී ස්වාධීනවීම වන අතර අනෙක් යෝජනාව මේවන විට ජනතා මතය ප්‍රකාශයට පත්ව ඇති බැවින් තවදුරටත් බෙදී නොසිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්වීම බව යැයිද ඔහු පැවසීය.

කෙසේවුවද, ශ්‍රීලනිප අමාත්‍යවරු හමුවීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (11) පැවැත්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

Srilankamirror

Related posts

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

රිෂාඩ්ගේ පක්ෂයෙන් මන්ත්‍රී වූ මුෂාරෆ් රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙයි

colombotoday

බීමත් පිරිසක් සුව සැරියකට පහර දීලා

colombotoday

හිටපු ජනපති මහින්ද සිංගප්පූරු යයි

colombotoday

යෝෂිත රාජපක්ෂ CIDයට

Admin

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමග අල්ලයි

colombotoday