Colombo Today Local News

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. ප්‍රභාකරන්ගේ රුව Facebook දැමූ දෙදෙනා 21 දක්වා යලි රිමාන්ඩ්

කොටි සංවිධානයේ (එල්ටීටීඊ) නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහ ලාංඡනය බාවිතා කරමින් සමාජ ජාල වෙබ් අඩවි තුල නව වසරේ සුභ පැතුම් පළ තරුණයන් දෙදෙනකු තව දුරටත් පෙබරවාරි 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළොඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (7) නියෝග කර සිටියේය.

ත්‍රස්ත විමර්ශන අංශය විසින් සැකකරුවන් දෙදෙනෙකු වන දිනේෂ් කුමාර් සහ විජය කුමාර් විදුෂා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය සඳහන් කර ඇත්තේ ජනවාර්ගික සංහිඳියාවට බාදා කිරීමේ චෝදනා මත, 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ නීති ප්‍රකාරව නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්, විත්තිකරුවන් මසකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර සිටියේය.

කෙසේ වෙතත්, වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යන හෙයින් සැකකරුවන් ඇප මත නිදහස් කළ නොහැකි බව පවසමින් පොලීසිය එම ඉල්ලීමට විරෝධය දැක්වීය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ චෝදනාවට ලක්වෙන සැකකරුවන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර සිටියේය.

Related posts

වැඩිකළ රු 10,000 රාජ්‍ය සේවක වැටුපට එකතු වෙන්නේ 2020 දී !

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday

මාවනැල්ලේ බුදු පිළිම වහන්සේට පහරදුන් ස්ථානයට ඥානසාර හිමි වඩිති. – Video

colombotoday

නාවික හමුදාපති රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday

සමගි මැයි රැලියට ඇරඹෙයි

Admin