එක්සත් ජාතික පක්ෂ සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඊයේ (7දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
නීත්‍යනුකූල නොවන ඉඩමක් පරිහරණය කිරීමෙන් රාජ්‍ය ආයතනයකට පාඩු කළා යැයි පවසමින් මෙම පැමිණිල්ල දමා ඇත.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.