Colombo Today Local News

මැතිවරණයට දින තුනකට පෙර අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට

බැඳුම්කර ගනුදෙනුව හා සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් පෙබරවාරි 7 වනදා මැතිවරණයට දින තුනකට පෙර අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇත්තේ මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසි ලබා ගැනීමට බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා තවමත් හරිහැටි චෝදනා ගොනු කර නොමැති අතර බොහෝවිට අල්ලස් කොමිසම මගින් ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගැනීම සිදුකෙරෙනු ඇතිබව එම වාර්තා පෙන්වා දෙනවා.

Related posts

පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගනී

colombotoday

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday

සහනාධාර වැඩි කරනවා ජනාධිපති ආර්ථික උපදේශක

Admin

අගමැති වයශිර්ෂ කපා හැරීමට රවී යෝජනා කරයි. නවීන් ස්ථිර කරයි

colombotoday

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය ගැන කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසියි

Admin