Colombo Today Local News

“මා සගම විවාදයකට එනු.. හොරු කවුදැයි පෙන්වන්නම්“ – ජනපතිගෙන් දෙපාර්ශවයටම අභියෝගයක් (Video)

දූෂිත ප්‍රභූන්ගේ සන්ධානය පාර්ලිමේන්තුවේදී සන්ධානගතවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බැදුම්කර කොමිෂන් සභා වාර්තාව සහ, බරපතල වංචා විමර්ශන කොමිෂන් සභා වාර්තාව ඡන්දයෙන් පසු විවාදයට ගැනීමට දෙපාර්ශවයම එකගත්වයකට පැමිණ ඇති බවත්, බොරැල්ලේ නිවසක රැස්වී දෙපාර්ශවයම මෙම එකගතාවට පැමිණි බවට තමන්ට තොරතුරු ලැබුණු බවත් ජනාධිපතිවරයා කියා සිටී.

පානදුරේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එම කොමිෂන් සභා වාර්තාව පෙබරවාරි 10 වැනිදාට පෙර හැකිනම් විවාදයට ගන්නැයි ද ජනාධිපතිවරයා එහිදි දෙපාර්ශවයටම අභියෝග කර සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් පලකල ජනාධිපතිවරයා කියා සිටියේ දූෂණය වංචාව පිළිබදව තමන් සමග වාද කිරීමට පැමිණෙන්නැයි මෙරට ප්‍රධාන පක්ෂවල නායකයන්ට තමන් අභියෝග කරන බවයි.

Related posts

අවතැන්වූවන්ට දෙන්න සතොසෙන් ඇති තරම් බඩු නොමිළේ.. ගාස්තුව පසුව රජයෙන් අයකරගන්නවාලු

colombotoday

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

colombotoday

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට අනුමැතිය

Admin

තෙල් මිල වැඩිකළ දා වංචාවක්… තෙල් සංස්ථාවට කෝටියක පාඩුවක්…

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක්

colombotoday