Colombo Today Local News

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

යාපනයේ මණ්ඩතීව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 5ක් පමණ වන බෝම්බයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙම බෝම්බය එල්.ටී.ටී.ඊ සංවිධානය සතු බෝම්බයක් බවට පොලීසිය සැක කරන නමුත් එවැනි බෝම්බයක් කිසිවකුත් නොදැක මෙපමණ කාලයක් තිබීම ගැන සලකා බලන විට එම බෝම්බය කිසිවකු විසින් දින කිහිපයකට පෙර කවුරුන් විසින් හෝ ගෙනැවිත් දමා ඇත්දැයි සැකයක් පහළ වී තිබේ.

එම ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනකු විසින් මෙම බෝම්බය මුලින්ම දැක ඇති අතර ඔවුන් විසින් ඒ පිළිබඳ පොලීසියට තොරතුරු දී තිබේ.

එම බෝම්බය පෙට්ටියක බහා හොදින් ආවරණය කොට තිබූ නිසා බෝම්බ පරිහරණය පිළිබදව ඉතා හොද දැනුමක් ඇති අයෙකු විසින් මෙම බෝම්බය මෙතනට රැගෙන විත් ඇති බවටද පොලීසිය සැක පළ කරයි.

Related posts

ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් මධ්‍යම පලාතේ පාසල් 14 සදුදා වැසේ

colombotoday

නැගෙනහිර සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණය….

colombotoday

බදුල්ලේ තරුණයාට පහරදුන් “හරක් මස් කඩේ නානා”ගේ පුතා ඇතුළු කල්ලිය තවමත් නිදැල්ලේ

colombotoday

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

ස.තො.ස සුදු ලූනු සිද්ධියේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

colombotoday

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin