කාන්තාවන්ට එරෙහිව පනවා ඇති මත්පැන් තහනමට තමන් විරෝධය දක්වන බව නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.
සිය ට්වීටර් ගිණුම ඔස්සේ අදහසක් පලකරමින් හෙතෙම සදහන් කරන්නේ කාන්තා මත්පැන් තහනම ස්ත්‍රී පුරුෂ සමානාත්මතා මූලධර්මයට එරෙහි බවත්, එම තහනම අසාධාරණ බවත්ය.
කාන්තාවන්ට මත්පැන් තහනම් කරනවානම් එය පිරිමින්ටද අදාල විය යුතු බවද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.