Colombo Today Local News

මම ශ්‍රීලනිපයයි ආණ්ඩුවයි දෙකම ශුද්ධ කරනවා – ජනපති කියයි

ආණ්ඩුවේද, විපක්ෂයේද යන්න නොසලකා වංචා දූෂණ වලට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පසුගිය 12 වැනිදා තිස්සමහාරාමයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැලිය අමතමිනි.

මම ජනාධිපති ධුරයට පත්වෙලා කොමිෂන් සභා දෙකක් පත් කළා. ඉන් එකක් තමයි මහ බැංකු වංචා බැඳුම්කර කොමිසම. ඒ වාර්තාවල තිබෙන කරුණු අනුව මොන දේශපාලන පක්ෂයේද, ශ්‍රී ලංකාද, යූ.එන්.පී. ද මොන පක්ෂයේද මට කිසිම පක්ෂ භේදයක් තනතුරක් කිසිම භේදයක් නෑ. ඒ සියලු දෙනාට නීතිමය වශයෙන් දඬුවම් කළ හැකි සියලු ක්‍රියාමාර්ග මම ගන්නවා කියන්න ඕනි.

මම තව සතියකින් පමණ මිහින් එයාර් හා ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනවල දුෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනවා. සිදු වූ වංචා දූෂණ පිළිබඳව කොමිෂන් සභාව පත් කරලා වැඩ පටන් ගත්තම කාගේ කාගේත් තත්ත්වය පෙනෙයි. සුද්ධෝදනලා කවුද කියලා හෙළි වෙයි. ඒ නිසා ඉතා පැහැදිලිව ශ්‍රී ලනිපය පිරිසුදු කරනවා වගේම ආණ්ඩුවද පිරිසුදු කරන බව ඉතාම පැහැදිලිවම කියන්න කැමැතියි.

යැයිද ජනාධිපතිවරයා එහිදි කියා සිටියේය.

Related posts

තෙවරක් පෙරුවත් තෙවරප්පෙරුම නොහැදේ.. පොලිසියට අමු කුණුහරුපෙන් බැණ තග දමයි.. පොලිස් ලොක්කෝ බිම බලාගනී

colombotoday

කුණාටු තත්ත්වය හේතුවෙන් ගාලු වරායේ නැවක් ගසාගෙන යයි

colombotoday

ප්‍රදේශයේ ලියාපදිංචි නැති වාහනවලට තෙල් දෙන්නේ නැහැ

colombotoday

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්…

colombotoday

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday

කොවිඩ් රෝගීන්ට පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව ඉල්ලයි

colombotoday