තුර්කියේ ට්‍රැබ්සොන් ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් ගුවන් පථයෙන් ලෙස්සා ගොස් මුහුදට නොවැටී අනූ නමයෙන් බේරුණු පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
යානයේ සිටි මගීන්ට හෝ එහි කාර්ය මණ්ඩලයට ඉන් කිසිදු හානියක් සිදුව නොමැති අතර, යානය ගොඩබාන අවස්ථාවේදී කුරුල්ලෙකු එහි එන්ජිමේ ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ.
අන්කාරා නුවර සිට ට්‍රැබ්සොන් වෙත ගමන් කළ බෝයිං 737 දරණ ගුවන් යානය මේ අනතුරට මුහුණ දී තිබේ.