Colombo Today Local News

ඉන්දියාව 100වැනි චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කරයි

ඉන්දියාව සිය 100 වැනි චන්ද්‍රිකාව අද අභ්‍යවකාශගත කළේය.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයක් වන, අඩු වියදමින් අභ්‍යවකාශ සේවාවන් ලෝකයට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ අද දින මෙම 100 වැනි චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරිණි.

මීට සමගාමීව කුඩා චන්ද්‍රිකා 31ක් ද අද අභ්‍යවකාශ ගත කෙරුණු බව විදෙස් වාර්තා පවසයි.

ඉන් අඩකට වඩා අධික නැනෝ සහ මයික්‍රෝ චන්ද්‍රිකාවන් අමෙරිකාවේද, ඉතිරිය ඉන්දියානු, කැනේඩියානු, ෆින්ලන්ත, ප්‍රංශ, දකුණු කොරියානු සහ බ්‍රිතාන්‍ය චන්ද්‍රිකාවන් වේ.

ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ නිෂ්පාදන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ වේ.

සිදුකෙරුණු නවතම අභ්‍යවකාශගත කිරිම තුළින්, ලෝක වෙළඳපොලේ සිය ස්ථානය තව දුරට ත් දියුණු කරගත හැකි බවට අගමැති මෝදී ප්‍රමුඛ රජය බලාපොරෙත්තු වන බව ද විදෙස් වාර්තා පවසයි.

Related posts

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

දුමි­න්දගේ අභි­යා­ච­න­යට පෙර රන්ජන් සහ පද්මිණි සාකච්ඡා කරලා | ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න කොමි­ස­මට කියයි

colombotoday

ලංකාවෙන් සොරකම් කල 18 වැනි ශත වර්ෂයට අයත් බුද්ධ ප්‍රතිමා දෙකක් යලි භාරදෙයි

colombotoday

රංගේ බංඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරට

colombotoday

සුව ඇමතිට සම්මානයක්

colombotoday

අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්

colombotoday