Colombo Today Local News

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි !

ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඔසවා තැබූ බෞද්ධ කොඩියක්, කුච්චවේලි ප්‍රදේශීය ලේකම්වරයාගේ නියෝගයෙන් ගලවා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු හා නැගෙනහිර සිංහල සංවිධානය ත්‍රිකුණාමල දිසාපතිවරයාට ලිපියක් මගින් දන්වා ඇත.

කුච්චවේලි පොල්වත්ත ප්‍ර දේශයේ නැවත පදිංචියට ආ පවුලක් තම නිවස ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩිය එහි පැමිණි ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් ජනවාරි 2වැනිදා බලහත්කාරයෙන් ගලවා දමා ඇතැයි ලිපියේ සදහන් වේ.

දිගු කාලයක් අවතැන්ව සිට නැවත සිය උපන් ගමට පැමිණිමට අවකාශය ලැබීමේ ප්‍රීතිය සහ දුරුතු පොහොය නිමිත්තෙන් බෞද්ධයෙකු හැටියට තමන් මෙසේ සිය නිවස ඉදිරිපිට බෞද්ධ කොඩිය එසවීමෙන් පසුව නිල රථයෙන් පැමිණි කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ඔහු සමග සිටි පිරිසට කොඩිය ගලවන්නැයි නියෝග කළ බව එම නිවැසියා තමන්ට පැවසූ බව උතුර නැගෙනහිර සිංහල සංවිධානයේ කැදවුම්කරු අනුර බණ්ඩාර මහතා එම ලිපියේ සදහන් කර ඇත.

Related posts

ආර්ථික කමිටුවක් තිබෙන බව කී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශය අරගෙන

Admin

හෙට සිට වෙනස් වන කාළගුණය

Admin

කරුණා අම්මාන්ගේ දියණියක් මිය යයි.. අවසන් කටයුතු පන්සලේ සිදු කරයි !

colombotoday

රනිල්ට විශ්වාසය ඇතැයි සජිත්ගේ යෝජනාව මංගල ස්ථිර කරයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැ

colombotoday

මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථය ඉලක්ක කර ගත් වෙඩිතැබීම ගැන විමර්ශන CIDයට

Admin