Colombo Today Local News

අරලියගහ මැදුරේ යහපාලන මැතිවරණ දන්සැල් !

අගමැති රනිල් වික්‍ර‍මසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන අයගේ ප්‍ර‍ධානත්වයෙන් සහ 2500 කට ආසන්න විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන්,ඊයේ (ජන.4) අරලියගහ මන්දිරයේ පැවැත්වුණු ‘ජංගම විද්‍යාගාර හඳුන්වාදීමේ වැඩසටහන‘ මැතිවරණය ඉලක්ක කරගත් ‘යහපාලන දන්සලක් මිස අනෙකක් නොවන බව ‘ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දන්වයි.

‘ජංගම විද්‍යාගාර උපකරණ කට්ටලයක් ලබා දීමට‘ යැයි කියමින්, දුරකථන මාර්ගික ක්‍ර‍මයට පණිවිඩ දි අදාළ විදුහල්පතිවරුන්, ඊයේ දිනයේ දි හදිසියේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති බවත්, කැඳවීමේ ලිපිය සහ සහභාගීත්වය සහතික කරන ලිපිය යන ලිපි දෙක ම විදුහල්පතිවරුන්ට ලබා දී ඇත්තේ, එදින වැඩසටහන නිමාවීමෙන් පසුව බව ත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඊයේ පැවැති එම වැඩසටහනේ දී ‘විදුහල්පතිවරුන්ට එම විද්‍යා උපකරණ හඳුන්වාදීමක් පමණක් කළ ත්,ඔවුන්ට දුරකථන මාර්ගික කැඳවීම් ලැබී තිබුණේ උපකරණ ලබා දෙනවා ය‘ යනුවෙන් යැයි පවසන ලං.ගු.සං. ලේකම්වරයා පෙන්වා දෙන්නේ, එවැනි හඳුන්වා දීමේ වැඩසටහනකට අගමැතිතුමා සහ ඇමතිතුමා සහභාගී වීම සහ විදුහල්පතිවරුන් කැඳවීම ‘විහිලුවක් නොවේ නම්, අනිවාර්යය ඡන්ද ගුණ්ඩුවක් වන බව‘ ය. සැබැවින් ම එවැනි විද්‍යා උපකරණ හඳුන්වාදීමේ වැඩසටහනක් කිරීම අරමුණ වූයේ නම්, ඔවුන් එය කලාප අධ්‍යාපන කාර්යයාල හරහා, විද්‍යාව විෂය පිළිබඳ පුහුණුකරුවන් සහ අධ්‍යක්ෂවරුන්ගේ ත්, විද්‍යා ගුරුවරුන්ගේ ත් සහභාගීත්වයෙන් අදාළ වැඩසටහන කළ යුතු ව තිබුණේ යැයි පෙන්වා දෙන ලං.ගු.සං. ලේකම්වරයා පවසන්නේ, ඊයේ පැවැති වැඩසටහන ‘දේශපාලන කතා‘ වලින් යුතු වූ ද, ‘තේ පාන සහ දිවා භෝජන සංග්‍ර‍හ‘ වලින් සමන්විත වූ ද ‘දන්සැලක්‘ පමණක් ම වන බව යි.

මේ අතර ඉකුත් දෙසැ. 6 වැනිදා ද ‘පුස්තකාල වලට පොත් ගැනීමට ලක්ෂ 6 ක් දක්වා මුදල් ආධාර දෙන බව‘ පවසමින්,මේ ආකාරයෙන් ම විදුහල්පතිවරුන් 2300 කට අධික විදුහල්පතිවරුන් පිරිසක් අරලියගහ මන්දිරයට ගෙන්වූ බව ත්, එහිදී ද වැඩසටහන අවසානයේ දී ‘මුදල් පාසල් සංවර්ධන සමිති වල ගිණුම් වලට අනාගතයේ දි බැර කරන බව‘ පැවසූ බවත් ලං.ගු.සං. ලේකම්වරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, පෙර කී අවස්ථා දෙකේ දීම වැඩසටහන් උත්සවාකාරයෙන් පැවැති බවත්, කෑමෙන් බීමෙන් සංග්‍ර‍හ පවත්වා දේශපාලන දේශන පැවත්වූ බවත්, එය එක් අතකින් මැතිවරණ නීතියට පටහැණි මැතිවරණ අල්ලස් බවත්, අනෙක් අතට 2011 සිට ගුරු වැටුප් හිඟ පියවා නොමැති අධ්‍යාපන අමාත්‍යංශය විසින් කරනු ලබන මුදල් නාස්තියක් බව බවත් ය.

‘‘රාජපක්ෂගෙ මැතිවරණ දන්සල් එළිපිට ම දන්සල්… මේ අලුත් මැතිවරණ දන්සල් කොලේ වහල, වෙන නමක් ඉස්සරහට දාගෙන කරන ‘යහපාලන දන්සල්‘…‘‘ යැයි ලං.ගු.සං. ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් පැවසීය.

Related posts

අලුත් ව්‍යස්ථාව ගොඩ දාන්න චන්ද්‍රිකාගෙන් නැවතත් සුදු නෙළුම් !

colombotoday

අඹු සැමි හුවමාරු කිරීමේ සංගමයක්. බුකියේ සිදුකල ජඩ වැඩේ පත්තු වෙයි. ඇඩ්මින් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ජවිපෙ ෆේස්බුක් පිටුව හරියටම හදුනාගන්නේ මෙහෙයි.. ටිල්වින්ගෙන් ටියුෂන් ! (Video)

colombotoday

පාඩුව පියව ගන්න පෙට්‍රල් – ඩීසල් වැඩිවෙන මිල මෙන්න

colombotoday

පිණ්ඩපාත චාරිකාවට තහනම් නියෝගයක්.. සංඝයා වහන්සේගේ පාත්‍රයට සොසෙජස් බෙදති.. කිරිබත්ගොඩ උණුසුම් තත්ත්වයක්

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday