Colombo Today Local News

මැති ඇමති, නිලධාරී රට ගමන්, වාහන මිලදී ගැනීමට කෝටි 1100ක පරිපූරකයක් පාර්ලිමේන්තුවට !

අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට වාහන මිලදීගැනීම, විදේශ සංචාර, පඩිනඩි ගෙවීම හා අනෙකුත් වියදම් වෙනුවෙන් පසුගිය 05වනදා රුපියල් කෝටි එක්දහස් එකසියයක (රු. 11,000,000,000) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

පුනරාවර්තන වියදම් වශයෙන්, රුපියල් හත්සිය හතළිස් නව කෝටි අසූ හතරක ලක්ෂ අසූතුන්දහස් හත්සිය අනූ තුන්ක් (රු 7,498,483,793) හා මූල්‍ය වියදම් වශයෙන් රුපියල් තුන්සිය පනස් කෝටි අසූ නව ලක්ෂ අනූ එක් දහස් හයසිය පනස් දෙකක් (රු. 3,508,991,552) මෙම මුදලද ඇතුළත්ය.

අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 13කට වැඩි මුදලක්ද වාහන මිලදී ගැනීමට රුපියල් කෝටියකට ආසන්න මුදලක්ද වෙන්කර ඇතැයි පරිපූරක ලියැවිල්ලේ සඳහන් වෙයි.

අදාළ වියදම් ඒකකයන්හි අනුමත අයවැය ඇස්තමේන්තුවල විශේෂයෙන් දක්වා ඇති අවශ්‍යතා ඇගයීම් කිරීමෙන් පසුව අදාළ මුදල් රෙගුලාසි හා අනුමත විධිවිධානවලට යටත්ව පමණක් මෙම ප්‍රතිපාදන සපයන බව එහි වැඩිදුරටත් දැක් වෙයි.

Related posts

කුසුම් පීරිස් දිවිගමනට සමු දෙයි

colombotoday

“උතුර – නැගෙනහිර එක්කර ස්වයංපාලනයක් ඕනෑ“ – විපක්ෂ නායක ප්‍රසිද්ධියේ ඉල්ලයි

colombotoday

ශ්‍රීලනිප යෙන් කෑල්ලක් කඩා සජිත් දිනවන්න චන්ද්‍රිකා එංගලන්තයේ සිටි අද එයි !

colombotoday

බැඳුම්කර මඟඩියේ බිලියන ගාණක් රටින් පන්නන සූදානම්

colombotoday

හෙරොයින් හා හමුදා නිල ඇඳුම් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

colombotoday