Colombo Today Local News

තාජුඩින්ගේ දුරකථන ඇමතුම් හා SMS වැඩිදුර විමර්ශනයට

රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩින් මියයාමට ආසන්න අවස්ථාවේ දී පාවිච්චි කළ ජංගම දුරකථනයේ පටිගත වි ඇති සැකසහිත දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය ඊයේ (30) වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජේරාම් ට්‍රොස්කි මහතා වෙත දැනුම් දුන්නේය.

මෙසේ කරන ලද විමර්ශනයේ දී පුද්ගලයන් 10දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගත් බවට රහස් පොලිසිය අධිකරණය වෙත දැන්විය.

රහස් පොලිසියේ මෑතකාලයේ දී ස්ථාපිත කළ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා වෙත නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා (NSK/UPED) මෘදුකාංග භාවිත කරමින් නොකියා 7 ජංගම දුරකථනයේ වර්ෂ 2012 /1/1 සිට 2015/8/3 කාලය තුළ දී පටිගත වි ඇති දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ සම්බන්ධ සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට හා රහස් පොලිසියේ මිනි මැරුම් අංශයට පිටපතක් ලබා දෙන ලෙසට ඉකුත් 8 වන දින නියෝගයක් නිකුත් කර තිබිණ.

1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව රහස් පොලිසිය මෙම ඉල්ලිම අධිකරණයෙන් සිදු කර තිබිණ.

බගවන්තලාව ගලන්කෝවත්ත පදිංචි වර්ධරාජා රාජ් බර්ති නොහොත් අච්චි නැමැත්තා භාරයේ තිබි වර්ෂ 2015/8/3 දින මෙම දුරකථනය සොයා ගෙන තිබු අතර 2015/9/9 නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය වෙත බාර දී ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

Related posts

චම්පික රණවකට ඇප

colombotoday

ජනපති සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී – චීන ආරක්ෂක ඇමති(PHOTOS)

colombotoday

බදියුදීන් සොයනවා වගේ රවී – රාජිතත් සෙවුවා.. මේව නර නාටක.. මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන් මේ ආණ්ඩුව ඉවරයි

colombotoday

ඉන්දියානු ණය ආධාර යටතේ තමිල් නාඩුවෙන් පොත් මුද්‍රණයට කඩදාසි

colombotoday

ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්

colombotoday

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

Admin