Colombo Today Local News

“රැවිටිලි කාරයා මහින්දයි… ආයෙත් අපෙන් සමාවක් නෑ..”- පියසේන ගමගේ

“පළමුවෙනි පාර රැවටුණා. ආයෙත් අපි රැවටෙන්නේ නැහැ” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීම අපැහැදිලි බවත් සැබැවින්ම රැවටීමට ලක්වුණේ මහින්ද රාජපක්ෂ මහතා හදිසි මැතිවරණයකට ගොස් සියලු දෙනා පරාජයට පත් කරවීම නිසා බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියසේන ගමගේ සඳහන් කරයි.

දෙවැනි පාර රැවටෙන්නේ නැහැ යනුවෙන් කරන ප්‍රකාශවලට වඩා වැදගත් වන්නේ සියලු දෙනා එකට එකතු වී ඉදිරි මැතිවරණයට මුහුණ දීම බවද ඔහු පෙන්වා දුන්නේය.පොහොට්ටුව තිබුණද එය පිළිගත නොහැකි මෙන්ම හරිහැටි නායකයකුද නොමැති පක්ෂයක් බවත්, දෙපිරිසම එක් නොවුණහොත් නොසිතූ ප්‍රතිඵලයක් අත්වීමට ඉඩ තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

 

Related posts

හයිබ්‍රිඩ් අධිකරණය හදන්න කියූ අල් හුසේන්ට ද්‍රවිඩ සන්ධානයෙන් පැසසුම් !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තංගල්ලේදී STF දැලේ

colombotoday

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

වැලිකඩ සිරදඩුවම් විදින රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්

colombotoday

මහ මෝල්ලු වී හංගයි

Admin

නව ව්‍යවස්ථාවට ජනමතවිචාරණයක් ස්ථීරයි – ඇමති කිරිඇල්ල

colombotoday