Colombo Today Local News

කළ වරදට සමාවන්න – පිටදූවේ සිරිධම්ම හිමි මල්වතු මහා නාහිමිට වැද සමාව ගනී (Video)

පුජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගෙන් සහ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන් සමාව ගනු ලැබුවා.

ඒ, පසුගිය දිනවල ශ්‍රී දළදා වහන්සේ සහ මල්වතු විහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශ පදනම් කර ගනිමින්. පුජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් ශ්‍රී දළදා වහන්සේ සහ මල්වතු විහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ පිළිබදව සමාව ගැනීමට ඊයේ (15) මල්වතු මහා විහාරයට පැමිණියා.

එහිදී අනාවරණ වුණේ පුජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් මේ මස 1 වැනිදා සිට මල්වතු විහාර පාර්ශ්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබු බවයි.

මල්වතු විහාර කාරක සංඝ සභාව ලිපියක් මගින් පුජ්‍ය සිරිධම්ම හිමියන්ට දැනුම් දී ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙසයි.

ඒ අනුව පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් අද මල්වතු මහා නා හිමියන් ඉදිරියේදී වාචිකව සමාව ගනු ලැබුවා. කෙසේ වෙතත්, එය ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මල්වතු කාරක සංඝ සභාව එහිදී දැනුම් දී තිබෙනවා. සිරිධම්ම හිමියන් එය ලිඛිතව ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් එය පිළිගනු ගෙන තිබෙනවා.

පිටිදූවේ සිරිධම්ම හිමියන් පැවසූ දේ පහතින්..

Related posts

උ/⁣පෙළ සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම්: අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි..

colombotoday

චීනයට ඉඩ නෑ, අලුත් ගිවිසුමකින් පොර්ට් සිටී අරඹන්න රජයේ අනුමැතිය.

colombotoday

බුද්ධි නිලධාරීන් වෙන වෙනම රදවා ප්‍රශ්න කිරීමට නියෝග.. එක්නැළිගොඩ ඝාතනය කළ බවට බලපෑම් කර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක්?

colombotoday

තමන්ට සලකපු අයට, ඇමති කිරිඇල්ල අතින් පයින් බඩකට පුරා සලකයි !

colombotoday

බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

colombotoday

“මගේ කාලයේ බැදුම්කර ගණුදෙනු ගැනත් හොයන්න” – මහින්දගෙන් අභියෝගයක්

colombotoday