Colombo Today Local News

මහජන බැංකුවේ මුල් පුටුව බොදු විරෝධියෙකුට.. සියළු ගිණුම් ඉවත් කරගැනීමට භික්ෂූන් වහන්සේලා සැරසෙයි !

මහජන බැංකුවේ වත්මන් සභාපතිවරයා විසින් ගෙනයන බොදු විරෝධී වැඩපිළිවෙලට විරෝධය දක්වමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් මහජන බැංකුවේ පවත්වාගෙන යන සියළු ගිනුම් ඉවත් කරගැනීමට තීරණය කර තිබෙනවා.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ෆර්නැන්ඩු විසින් ඉතා අපහාසාත්මක ලෙස භික්ෂූන් වහන්සේලාට බැන වැදී ඇති අතර, දුෂ්කර පලාත් වල දහම් පාසල්, පන්සල් හා විදුහල් වලට කරණු ලැබූ සුබසාධක වැඩ ( පංසල් තනා දීම, පොත් පත් නිල ඇඳුම් ලබා දීම, නිවාස තනා දීම) නැවැත්වීමේ කුමණ්ත්‍රණයක් ලෙස මහජන බැංකු බෞද්ධ සංගමයේ කටයුතු අඩපණ කර තිබෙන බවට චෝදනා එල්ල වනවා.

ජනාධිපතිවරයා වෙතද ඉල්ලීමක් කරමින් “භික්ෂූ එකමුතුව“ දන්වා ඇත්තේ භික්ෂූන් වහන්සේට අපහාස කරන, දුප්පත් වෙහෙර විහාරස්ථානවල දියුණුවට බාධා එල්ල කරන සභාපතිවරයා ඉවත් නොකරන්නේ නම් ගමක් ගමක් පාසා දැනුවත් කරමින් දායක පවුල් සතු බැංකු ගිණුම්ද වසා දැමීමට කටයුතු කරන බවයි.

සියලු විහාරස්ථාන සතු දායක සබාවේ අරමුදල් ගිනුම්, දහම් පාසල් සංවර්ධන ගිණුම්, කුලඟන සමිතියේ ගිණුම්, ශිෂයාධාර පිනිස දරුවන්ට ලබා දී ඇති මහජන බැංකුවේ “සිසු උදාන” ගිණුම්, සුබසාධක සංගම් ගිනුම් ආදියද වසා දැමිමට කටයුතු කරන බවද දන්වා තිබේ.

මහජන බැංකුවේ පාලනාධිකාරියේ ක්‍රියාකලාපයට එරෙහිව මේ දිනවල කොළඹ නගරයේ පොස්ටර් ව්‍යපාරයක්ද දියත්ව ඇත.

Related posts

“දම්වැලේ කොහෙන් බැන්දත් එකයි.” මහ නා හිමිවරු ගැන ඥානසාර හිමිගෙන් අමුතු කතාවක්

colombotoday

පාසල් වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කරයි

colombotoday

රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ලකුණු කැපීම මාර්තු සිට

Admin

මැකොට එරෙහිව උපවාසයක යෙදුණු ටී.එන්.ඒ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

මෙන්න තියෙනවා මගේ වත්කම. අරන් පලයල්ලා FCID – හිටපු ජනපති කියයි

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

colombotoday