Colombo Today Local News

“උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට අනාගමික කරන්න” – TNA

ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතු බවත් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී ඇත.

ශ්‍රී ලංකාව පළාත් හෝ ජනපද ඒකාබද්ධ වූ රාජ්‍යයක්‌ විය යුතු බවත් එක්‌සත් හෝ නොබෙදුණු හෝ නෙබෙදිය හැකි රටක්‌ය යන රාමුව තුළ ශ්‍රී ලංකාව සන්ධීය රාජ්‍යයක්‌ විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ ස්‌ථාවරය වී තිබේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබා දීමට පක්‍ෂව බහුතර එකඟත්වයක්‌ ඇත්නම් ඊට අදාළ කොන්දේසි හා නියමයන් නිශ්චිතව දැක්‌විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී තිබේ.

ජන විද්‍යාත්මක වෙනස්‌කම් තිබියදී අදත් උතුරු නැගෙනහිර පළාත් දෙකේ අති ප්‍රමුඛ පදිංචිකරුවන් වන්නේ දෙමළ බස කතා කරන්නන් නිසා පළාත් දෙක එක්‌ පළාතක්‌ ලෙස ඒකාබද්ධ කළ යුතු බවද සිය බලතල ක්‍රියාවට නැංවීම සඳහා පළාත් සභාවලට මුදල් උපයා ගැනීමට බලතල තිබිය යුතුය යන වගන්තීන්ද නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතු බ ව දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී තිබේ.

අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා

Related posts

අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා. | නීතිපති දැනුම් දෙයි.

colombotoday

රේගු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

තේ ප්‍රතිඅපනයනය ඉහළගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යක්

colombotoday

අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ ගිනි අවියක් සමග උණ්ඩ

colombotoday

මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශ ජනතා මතයයි… අප එයට ගරු කළ යුතුයි – මධ්‍යම ආණ්ඩුකාර නිලූකා

colombotoday

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

colombotoday