World

“සුනඛයෙක් බුරනව වගේ ඇහුනා.. අපි බය නෑ” – ට්‍රම්ප්ගේ තර්ජණයට කිම් ජොංගෙන් සැර ප්‍රතිචාර

නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින් අඟහරුවාදා (සැප්තැම්බර් 19) පළමු වරට අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව දැඩි විවේචනයට ලක් කළේය.

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ඔහු, පියෝන්ග්යැන්ග් පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකාව උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි අනතුරු ඇඟවීමක් කළේය.

දින දෙකකට පසුව ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ (Ri Yong-ho) පවසන්නේ ජනාධිපතිවරයාගේ එම දේශනය “සුනඛයෙකුගේ බිරීමක්” හා සමාන බවය.

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපස දී මාධ්‍යවේදීන් අමතා අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, “බල්ලෝ බිරුවත් තවලම යනවා කියල කියමනක් තියෙනවනේ,” යනුවෙන් සඳහන් කළේය.

“සුනඛයෙක් බුරන සද්දෙන් අපිව බය කරන්න පුළුවන් කියල හිතනවා නම් පැහැදිලිවම එයා දකින්නේ හීනයක්.”

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා, “රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්” සිටින්නේ යයි ද සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ “රොකට් මෑන්” ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ කියා සිටියේ, “ඔහුගේ ආධාරකරුවන් ගැන මට කනගාටුවක් දැනෙනවා,” යනුවෙනි.

උතුරු කොරියාවේ විදේශ අමාත්‍යවරයා සිකුරාදා (සැප්තැම්බර් 22) මහා මණ්ඩලය අමතා අදහස් දැක්වීමට නියමිතය.

Related posts

වසර 45කට පසු ඉන්දීය – චීන දේශසීමාවේ වෙඩිතැබීමක්

colombotoday

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday

රජ පවුල සමග ගෙවූ ජීවිතය දුෂ්කරයි සමහර අවස්ථාවල සියදිවි හානි කරගන්න හිතුනා – මෙගන් මාකල්

colombotoday

ඇමරිකාවේ ටෙක්සාස් හී කිතුණු පල්ලියක වෙඩි තැබීමක්.. 26ක් මිය යයි !

colombotoday

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක්

colombotoday

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday