Colombo Today Local News

“රොහින්ග්‍යා ත්‍රස්ත හිතවාදීන් මහා බොරුවක් මවනවා.. මුස්ලිම් සංහාරයක් නෑ” – අවුන්සාන් සූඛී

රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී හිතෛෂීන් මහා අයිස් කන්ඳක් ආකාරයෙන් ව්‍යාජ හා නොමග යවනසුලු තොරතුරු වාර්තා කරමින් සිටින බව මියන්මාරයේ අවුන් සාන් සු ඛී අවධාරණය කරයි.

මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ප්‍රථම වරට සිය හඬ අවිදි කරන ඇය තවදුරටත් අවධාරණය කරන්නේ මියන්මාර් රජය රඛයින් පළාතේ ජීවත්වන සියලු සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

ඇගේ කාර්යාලය නිවේදනය කරන්නේ තුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩෝගාන් සමග දුරකථනයෙන් සිදුකළ සංවාදයක් අතර ඇය මෙම අදහස් පළ කළ බවයි.

රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් මියන්මාර බෞද්ධ රාජ්‍ය හුදකලා කිරීමට මාන බලන බොහෝ පිරිස් හා බොහෝ ත්‍රස්ත හිතෛෂී මාධ්‍ය විසින් මෙය මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන සංහාරයක් බවට පුවත් මවමින් සිටින බව ස්වාධීන මාධ්‍යවල අදහසයි.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්ද මේ අර්බුදය කෙරෙහි දැනටමත් ඈඳාගෙන ඇති අතර, මේ වනවිටත් 123,000ක රොහින්ග්‍යා පිරිසක් මියන්මාරයේ රඛයින් පළාතෙන් බග්ලාදේශය වෙත පසුගිය සති දෙකක කාලය තුළ ඇතුළු වී ඇති බව පවසයි.

“අපේ රජය මේ වනවිටත් රඛයින් පළාතේ ජීවත්වන සියලු ජනතාව ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගෙන තිබෙනවා” සු ඛී ඊජිප්තු ජනපතිවරයා හමුවේ පවසා තිබේ. “මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව ආරක්ෂා කිරීම හා එහි වටිනාකම සැමට වඩා අපි දන්නවා.”

ඒ අනුව, රොහින්ග්‍යාවරුන් සම්බන්ධයෙන් බොහෝ විදෙස් මාධ්‍යවල පළවන වාර්තාවල තාරබර ඉවත්කර එම වාර්තා පිළිබඳ අවධානය යොමුකළ යුතුව ඇති බව පැහැදිලිය.

Related posts

අයහපත් කාලගුණයෙන් 48,918ක් අවතැන් – 09ක් ජීවිතක්ෂයට

colombotoday

ව්‍යවස්ථා නිර්දේශ ප්‍රසංශනීයයි.. ෆෙඩරල් නෑ.. අනාගමික නෑ.. පරාජිතයින් බොරු බිල්ලෙක් මවනව – JHU

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාව ජනතා අවධානය වෙනතකට යොමු කරන්න ගෙතූ සුරංගනා කථාවක්ද?

Admin

සම කල IOC ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

කොකේන් අදින මන්ත්‍රීවරයෙකුගේ නමක් රන්ජන් හෙළිකරයි…

colombotoday

හෙට ජනතාවට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පාරට බහිති

colombotoday