Colombo Today Local News

“ජගත් ජයසූරියට නඩු දැමීම මූදෙන් එගොඩ ප්‍රශ්නයක්.. කාටවත් අත තියන්න දෙන්නෑ” – ජනපති

හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරියට පමණක් නොව රටේ කිසිවකුට අත තියන්නට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ අද ඉරිදා (සැප්තැම්බර් 03) කොළඹ කැම්බල් පිටියේ පැවැත්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහය වෙනි සංවත්සරය අමතමිනි.

“ජනරාල් ජගත් ජයසූරියට නඩු පවරනු ලැබීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොව එය මුහුදින් එතෙර ප්‍රශ්නයක්” යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය දරන ජනාධිපතිවරයා සඳහන් කළේය.

“එය මූදෙන් එගොඩ ප්‍රශ්නයක්.කිසිම හමුදාපතිවරයකුට හෝ රණ විරුවකුට අත තියන්න මම ඉඩ දෙන්නේ නැහැ”

සිය කතාවේ දී රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා “එන්ජීඕ සංවිධාන කියන විධියට තමා නටන්නේ නැති” බවත් කියා සිටියේය.

එහෙත් රටට ආදරය කරන රාජ්‍ය නොවන සංවිධාන සමඟ තමා වැඩ කරන බවත් ජනාධිපතිවරයා පවසයි.

බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම හෝ ඩඩ්ලි -චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක වීනම් ප්‍රභාකරන් කෙනෙකු බිහි නොවන බවත් ජනාධිපතිවරයා සිය කතාවේ දී සඳහන් කළේය.

bbc

Related posts

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

colombotoday

රනිල් අගමැති කරන්න TNA උදව් කලාට එජාප ආණ්ඩුවට එක් වෙන්නේ නෑ – සුමන්දිරන්

colombotoday

රතන හිමිගේ ප්‍රකාශය ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීමේදී දැඩි විවේචනයට

colombotoday

මතුගමින් බෝම්බයක් මතුවෙයි…

colombotoday

පෞද්ගලික බස් හිමියන්ට ලැබෙන සහන වව්චර් පත

colombotoday

“දිනුවත් පැරදුණත්, කොල්ලෝ ක්‍රීඩා කරනව බැලීම ආඩම්බරයක්” – ජනපති ක්‍රිකට් පිලට සුබ පතයි

colombotoday