Colombo Today Local News

හම්බන්තොට වරාය විකිණීම විවේචනය කරන ඇමති සුසිල් ගැනත් ජනපති තීරණයක් ගනී !!

හම්බන්තොට වරාය ගිවිසුම සහ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා විවේචනය කරන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා පිළිබදවද ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

හම්බන්තොට වරයා චීනයට පැවරීම පිළිබදව දැඩි ලෙස විවේචනය කල අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම් කඩකල බවට චෝදනාවට ලක්වූ අතර, ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමටද එහ හේතුවක් විය.

කෙසේ වෙතත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසන්නේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා සම්බන්ධයෙන් ශ්‍රීලනිපය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරන්නේ විනය ගරුක සාමාජිකයින් බවත්, එක්සත් ජාතික පක්ෂය සිදු කරන සෑම ක‍්‍රියාවක්ම සිදු කිරීමට සිය පක්ෂය සූදානම් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

Related posts

ඥානසාර හිමි පවත්වනු ලබන දේශණය – රාජගිරිය සිට සජීවීව

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි…

colombotoday

විද්‍යාත්මකව වෙනස් වූ එකම අමාත්‍යංශය ගැන මහින්ද ‌කියයි

colombotoday

කුරුණෑගල ආරක්ෂාව දැඩි කෙරේ. බස් නැවතුම්පළ වසා දමයි

colombotoday

Blue Ocean Travel සමාගමෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ සභාපතිට පොල්ලක්..

colombotoday

වෙඩිතැබීමක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ඇප

Admin