World

බුර්කාව එපා…!!! මන්ත්‍රීවරිය බුර්කාවක් හැද පාර්ලිමේන්තු එයි..


ඔස්ට්‍රේලියාව තුළ මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇඳීම තහනම් කළ යුතු බව පවසමින් එරට වන් නේෂන් පක්ෂයේ නායිකා පෝලින් හැන්සන් ඊයේ (17දා) බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තුවට පිවිසියාය.

ඇය සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ විමතියට හේතු විය.

ඔස්ට්‍රේලියාව තුළ මේ ආකාරයෙන් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගෙන සිටින බුර්කාවලින් සැරසීම තහනම් කළ යුතු බවට මතයක් ඇති කිරීමට සහ රජයට ඒ සඳහා බල කිරීමට ඇය මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු නීතිපතිවරයා මන්ත්‍රීවරියගේ ක්‍රියාව හෙළා දැක ඇති අතර, එවැනි තහනමක් ගෙනඒම අපහසු බව පවසා ඇත.

නමුත්, සිය සටන අත්නොහැරි මන්ත්‍රීවරිය අවධාරණය කර සිටියේ ප්‍රසිද්ධ ස්ථානවල මේ ආකාරයේ බුර්කාවන්ගෙන් සැරසී තහනම් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බවයි.

විශේෂයෙන්ම වර්තමානයේ යුරෝපය ඇතුළු බටහිර ලෝකය මුහුණදෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවද ඇයගේ මෙම තීරණයට හේතුවක් වන්නට ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඇය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ මෝසම ඊයේ දිනයේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණි.

Related posts

යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ වසා දමයි

Admin

ජයලලිතාට අසාධ්‍යයි.. නරක ආරංචියක් ලැබුණොත් සිය දිවි නසාගන්න ආධාරකරුවන් පිරිසක් සූදානම්ලු !

colombotoday

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයි

colombotoday

තක්කාලි ගෙඩියක් තරම් බිබිලි මතු වන තක්කාලි උණක්

colombotoday