Colombo Today Local News

“ණය ගෙවාගන්න බෑ.. මත්තල ඉන්දියාවට දෙනවා” – ගුවන් සේවා නි.ඇමති

මත්තල ගුවන් තොටුපළ ඉන්දියානු ආයෝජකයකුට බදුදීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පැවැසීය.

ඉන්දියානු ආයෝජකයා සහ රජය අතර පවත්වන එම සාකච්ඡා ඉතා සාර්ථකත්වයට පැමිණ ඇති බව හෙතෙම කීය.

එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවැසීය. මත්තල ගුවන් තොටුපළේ මාසයක ආදායම ලක්‌ෂ 40 යි. වියදම ලක්‌ෂ 250 යි. දවසකට එන්නේ ගුවන් යානා 3 යි. මාසයකට ණය ගෙවන්න ලක්‌ෂ 3000 ක්‌ වැයවෙනවා.

අවුරුද්දකට රුපියල් කෝටි 360 ගාණේ අවුරුදු අටක්‌ රජය ණය ගෙවිය යුතුයි යෑයිද හෙතෙම පැවැසීය.

මත්තල ගුවන් තොටුපළ හදන්න රුපියල් කෝටි 4000 ක්‌ පමණ රාජපක්‍ෂ ආණ්‌ඩුව වැයකර ඇතැයිද රජයට තවදුරටත් මෙම ණය කන්ද උස්‌සාගෙන යැමට නොහැකි යෑයිද හම්බන්තොට වරාය මෙන් මත්තල ගුවන් තොටුපළ ද විදේශ ආයෝජකයෙකුට ළඟදීම ලබා දෙන බවද ඇමැතිවරයා පැවැසීය.

දිවයින

Related posts

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතිවිරෝධීයි… අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා – ජවිපෙ කිපේ

colombotoday

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

යෝෂිත වෙනුවෙන් විරෝධය පෑ ක්‍රීඩකයන් හතරකට තරග තහනමක්!

colombotoday

මුජිබුර් රහුමාන් විදෙස් පුරවැසි මන්ත්‍රීවරිය රටින් පිටුවහල් කරන්න කියයි

Admin

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ

Admin

විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේන් එන ගුවන්යානය

colombotoday