Colombo Today Local News

“කොත්මළේ මහාසෑය භාරකාර මණ්ඩලයක් යටතට පවරා ගන්නවා“ – ඇමති නවීන්

කොත්මළේ මහවැලි මහා සෑය, කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙන් භාරකාර මණ්ඩලයක් මගින් පලනය කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ගම්පොල ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කොත්මළේ මහවැලි මහා සෑය පවරාගැනීම සම්බන්ධයෙන් මේ දිනවල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන අතර, මල්වතු මහා නාහිමියන්ද ඊට විරෝධය පලකර තිබිණි.

කෙසේ වෙතත් එහි විහාරාධිකාරී පූජ්‍ය තිස්පනේ ජිනානන්ද හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ කොත්මලේ මහවැලි මහා සෑය පෞද්ගලික පදනමක් යටතට පවරාගැනීමේ සූදානමක් ඇති බවයි. බැතිමතුන්ගේ දායකත්වයෙන් නිර්මාණය වූ චෛත්‍යරාජයාණන් වහන්සේ කිසි සේත්ම පෞද්ගලික පදනමක් යටතට පවරාගැනීමට ඉඩ නොදෙන බවද එහිමියෝ සහදන් කර සිටියහ.

Related posts

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන කැබලි කර විකුණූ කුඩු ලෝලියෙක් අත්අඩංගුවට

colombotoday

එජාපය අන්තිම තුරුම්පුව ගසයි. කතානායක නව අගමැති පිළිනොගන්නා බව කියයි

colombotoday

කොටි ඩයස්පොරාව යහපාලන රජය සමග හිටගනී.. දැයක අභිමන් පෙන්වූ බ්‍රිගේඩියර්ව දඩුකදේ ගහන්න ඉල්ලයි..

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන සතියේ…

colombotoday

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

Admin

ගංජා වගාව නීතිගත කරනවා..- ඇමති සිසිර ජයකොඩි

colombotoday