Colombo Today Local News

පේදුරුතුඩුව උණුසුම්.. යතුරුපැදි කල්ලියක් පොලිස් බංකරයට පහරදෙයි.. පොලිස් නිවාසත් කඩා දමයි

ඊයේ පස්වරැවේ පේදුරුතුඩුව මනල්කාඩුහිදී වැලි ප‍්‍රවාහනය කල ලොරි රථයට වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මිය යම නිසා කලහකාරිව හැසුරුණු දෙදෙනෙකු පේදුරුතුඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කලහකාරී පිරිස් විසින් මනල්කාඩුහි ඇති පොලිස් මුරපොළකටද පහර දී හානි කර ඇති අතර වෙඩි තැබීම සිදු කලේ යයි කියන උපපොලිස් පරික්ෂකගේ නිවස හා දේපලවලටද පහර දී හානි කර ඇත. එම සිදුවීමට අදාලව පොලීසිය විසින් දෙදෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු බැදගත් යතුරැපැදි කල්ලියක් විසින් පොලිස් බංකරයටත් පොලිස් නිලධාරියාගේ නිවසටත් පහර දුන් බවට ලද තොරතුරැු මත පරීක්‍ෂණ කරන බවද වාර්තා වෙයි. අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විටත් පොලිස් අත්අඩංගුවට ගෙන වැඩ තහනමකටද ලක් කර ඇත.

වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සදහා කොළඹින් විශේෂ පොලිස් කණ්ඩායමක් පේදුරැතුඩුවට බලා ගොස් ඇත.

Related posts

අස්ගිරි නිවේදනයෙන් ආණ්ඩුවට උණ ගැනෙයි.. රාජ්‍ය මාධ්‍යයෙන් මහා නාහිමි හෑල්ලුවට ලක් කරයි

colombotoday

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

Admin

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday

ජනතාව වෙනුවෙන් වැඩකිරීම නිසා ඉල්ලා අස්වූ මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

බස්නාහිර තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Admin

ගිං ගඟ පිටාර ගලයි – අවට ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන්නැයි නිවේදනයක්

Admin