Colombo Today Local News

ඇමති තිදෙනෙක් ජනපතිට හරස් වෙයි.. ජනපති පත්කර එවූ ලේකම්වරු එපා කියයි !

අමාත්‍යාංශ කිහිපයක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ අතර එසේ පත්කළ නව ලේකම්වරු තිදෙනෙකු ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු තිදෙනෙක් ජනපති කාර්යාලයට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරු මෙසේ නව ලේකම්වරු ප්‍රතික්ෂේප කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා උදය සෙනෙවිරත්න, ප්‍රවාහන අමාත්‍යාංශය සඳහා පී.එස්. විතානගේ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහා ශිරානි වීරකෝන් යන මහත්ම මහත්මීන් පත්කෙරණි.

අමාත්‍යවරුන් ඔවුන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නව ලේකම්වරු මේ දැක්වා සිය නව පත්වීමේ රාජකාරී බාරගෙන නොමැත.

Related posts

මෙරට දරුවන් දහසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී හමාරයි

colombotoday

දින හතක් පෙළපාලි තහනම් !

colombotoday

සතොස ඕගනික් සුපර් මාකට් සෑම නගරයකටම

colombotoday

සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.

colombotoday

දින 3කින් නිවසටම විදේශ ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක්

Admin

“අසුචි ගොඩක ඉදන් වහසි බස් කීම නවත්තපන්” – මර්වින් සිල්වා සුමන්තිරන්ට සැරටම අමතයි

colombotoday