Colombo Today Local News

“මුස්ලිම් තොප්පි දමාගෙන බුදු පිළිම කඩනවා.. ඒකල්ල මුස්ලිම් අය අල්ලනවා“ – වියන්ගොඩ

ආගම්වාදී ගැටුම් ඇවිලවීමේ අරමුණින් මුස්ලිම් ජාතිකයන් පළදින තොප්පි දමාගෙන වෙස් මාරු කරගත් පුද්ගලයන් බුදු පිළිමවලට පහර දෙන බව ගාමිණී වියන්ගොඩ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ‘ජාතිවාදය, ආගම්වාදය එපා එපා‘ යනුවෙන් පුරවැසි බලය සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

පසුගිය දා කොළඹ ප්‍රදේශයේ බුදු පිළිමයකට පහරදීමට එලෙස මුස්ලිම් තොප්පියක් පැළදගෙන, මුස්ලිම් නොවන පුද්ගලයෙක් පැමිණ ඇති බවත්, මුස්ලිම් පිරිසක් විසින් ඔහුව අල්ලා පොලීසියට බාර දුන්නේ යැයි තමන්ට පැවසූ බවත් හෙතෙම සදහන් කර සිටියේය.

රටපුරා මුස්ලිම් ආගමිකන්ගේ ස්ථාන වලට දිනපතා පහරදීම් සිදුවන බවත්, ඒවාට එරෙහිව වාහම නීතිය ක්‍රියාක්මක කළ යුතු බවත් ඔහු කියා සිටියේය. මෙම මාධ්‍ය සාකච්ඡාවට වික්‍රමබාහු කරුණාරත්න, දඹර අමිල හිමි, මුස්ලිම් නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

Related posts

“කංසා වගාවට ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිදුවන්නේ” – රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Admin

ජනපතිවරණ හංස පක්ෂයේ සභාපති විදුලියත් හොරට අරන් !

colombotoday

මහින්දගේ මූණ පෙන්වා පාර්ලිමේන්තු ආ ඒකාබද්ධ විපක්ෂයටත් ගමට යන්න බැරිවෙයි

colombotoday

සජිත් බෑ කියයි.. 2020 ජනපතිවරණ බිල්ලට රනිල් අලුත් මූණක් හොයයි

colombotoday

මෙදා අවුරුදු සමයේ වෙළඳාම 40% කින් බැහැලා…

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin