Colombo Today Local News

යහපාලනය අත්අඩංගුවට ගන්න දස අතේ හොයන උදයංග, යහපාලන ඇමති සමග ජපානයේ !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංවි වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සදහා යහපාලන රජය අන්තර්ජාතික පොලීසියේ සහය පතද්දී, යහපාලන රජයේ ඇමතිවරයෙකු සමග විදෙස් රටකදී විනෝදවන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලාවලට එක්කර ඇත.

එම ඡායාරූප සිය සමාජ ජාලා ගිණුමේ පලකරමින් උදයංග වීරතුංග මහතා තබා ඇත්තේ මෙවැනි සටහනකි.

“සංචාරක කර්මාන්තය රටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන කර්මාන්තයක් බැවින් රුසියානු සංචාරකයන් තව තවත් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම අතිශයින් වැදගත්වේ. මේ සඳහා රටවල් දෙක අතර ඍජු ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීම, රුසියානු බස කතා කල හැකි සංචාරක මග පෙන්වන්නන් හා හෝටල් කාර්ය මණ්ඩල වැඩි කිරීමද, ශ්‍රී ලංකාව පිලිබඳ තොරතුරු රුසියානු බසින් එලි දැක්වීමද අත්‍යවශ්‍යය. ඇත්ත වශයෙන් සංචාරක පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව පිලිබඳ රුසියානුවන් අතර දැනුම නැවතත්ත අඩුවීම කණගාටුයි. යහපාලන රජය මට එරෙහිව කොතරම් පළිගැනීම් සිදු කලත් ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් ලෙස රුසියාවේ හා යුක්රේනියාවේ ජනප්‍රිය කිරීම සඳහා හිටපු තානාපතිවරයා ලෙස ඉදිරියටත් කැපවී වැඩ කිරීමට ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වන බව ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දිත ප්‍රනාන්දු කල්‍යාණ මිත්‍රයා හට පසුගිය දින ජපානයේදී දන්වා සිටියේය.“

Related posts

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

ලාල් කාන්ත ප්‍රදර්ශනයට තියන්න යන දේ

Admin

ඉදිරි පැය 24 තුළ ගංවතුර ගැලීමේ අවදානමක්

colombotoday

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

බලපෑම් එපා, අපේ ප්‍රශ්න අපි විසඳගන්නම් – ජනපති ජගත් සමුළුවේදී කියයි

colombotoday