Colombo Today Local News

‘මේ රට බෞද්ධ රටක් කියා පිළිගැනීමට මා සූදානම් නෑ..‘ – ජාතික සංහිදියා ඇමති

මේ රට සිංහල බෞද්ධ රටක් යැයි පිළිගැනීමට තමාට හැකියාවක් නොමැති බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

ඔහු මේ බව සදහන් කළේ කොළඹදී පැවති කෘතියක් එළිදැක්වීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

පසුගියදා තම අමාත්‍යාංශයට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් මේ රට බෞද්ධ රටක් යැයි පිළිගන්නේදැයි විමසූ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් එසේ සදහන් නොමැතිව තිබියදී, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් යැයි පිළිගැනීමට තමා සූදානම් නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

රටේ නමට ඉදිරියෙන් ජාතියක් නොදක්වා තිබුණද ඇතැම් බෞද්ධ යැයි පවසන භික්ෂුන් වහන්සේලාද එය නොදන්නේ යැයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Related posts

හෙරොයින් සමග ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

colombotoday

ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය පෙබරවාරිය තෙක් දිගුවෙයි

colombotoday

චීවරයත් අවභාවිතා කරයි | භික්ෂුවකගේ වෙස් ගත් සැකකරු අධිකරණයට

colombotoday

දුප්පත් පවුලකට සජිත්ගෙන් රු.20000ක දීමනාවක්

Admin

ගෝඨා, බැසිල් ඇමරිකන් CIA කාරයෝ – චම්පික රණවකගෙන් චෝදනා

colombotoday

නිධන් හාරන්න ආරක්ෂාව දුන් පී.සී ට වැඩ වරදී

Admin