Colombo Today Local News

කැබිනට් ප්‍රකාශක ධුරයෙන් රාජිත ඉවතට.. රාජිතගේ පුටුව මංගලට !

ඊයේ දිනයේ නව ජනමාධ්‍ය හා මුදල් ඇමති ලෙස දිවුරුම් දුන් මංගල සමරවීර මහතා කැබිනට් ප‍්‍රකාශකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

ඒ අනුව දැනට එම තනතුර දරන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක තනතුර ඉවත් වනු ඇත.

එජාපයෙන් හා ශ‍්‍රිලනිපයෙන් ඉදිරියේදී කැබිනට් ප‍්‍රකාශකවරයෙක් නම් කිරිමට නියමිත අතර ජනමාධ්‍ය ඇමති ලෙස මංගල සමරවීර මහතා කැබිනට් ප‍්‍රකාශක ලෙස කටයුතු කරනු ඇත.

ඇමති රාජිත සේනාරත්න මහතා එම තනතුරෙන් ඉවත් කරන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පසුගිය කාලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කිහිපයක්ම කර තිබින.

ඇමතිවරයා මේ දිනවල සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගී වෙමින් ස්විට්සරලන්තයේය.

 

Related posts

මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 3ක් හුදකලා කරයි

colombotoday

අගමැතිගේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday

කාත්තන්කුඩියේ වහබ්වාදය, සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු අන්තවාදි සංවිධාන ක්‍රියාත්මක වන බව පාස්කු කොමිසමේ දී හෙළි වේ

colombotoday

රනිල් පන්නා කරු,සජිත් අගමැති කරන්න තිරය පිටුපස මෙහෙයුමක්… විශ්වාසභංගයකුත් ලෑස්තියි !

colombotoday