Colombo Today Local News

පාපකර්මයක් පල දුන්නා.. හොදම මුදල් ඇමති වූ මට අවස්ථාවාදීන් ඊර්ෂ්‍යා කලා

ආර්ථික අගාධයකට වැටී තිබූ රට ඉන් ගොඩගැනීමේ පාපකර්මය තමනට පල දුන් බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කියයි.

ඊයේ පැවති කැබිනට් සංශෝධනයේදී තමන් දැරූ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයන් ඔහු පවසන්නේ, අවස්ථාවාදීන්ගේ ඊර්ෂ්‍යාවත් හේතුවෙන් ආසියාවේ හොදම මුදල් ඇමති වූ තමන් ලංකාවට එපා වී ඇති බවයි.

”මං මුදල් අමාතශ්‍යංය බාර ගත්තේ මුළු රටම ආර්ථික අගාධයකට පත්ව තිබු අවස්ථාවක. ඇද වැටි තිබූ අර්ථිකය තරමක් දුරට හරි ගොඩගන්න විශාල වෙහෙසක් ගත්තා. සමහර ජනප්‍රිය නොවන තීන්දු ගත්තෙත් රටේ ගමන ගැන හිතලයි.

හොදට කරගෙන යන දෙයක් මාරු කරපු එකම රට ලංකාව වෙන්න පුළුවන්. මට හිතෙන්නේ ඒ පාපකර්මය තමයි මට බලපාන්න ඇත්තෙ. අමාරුවෙන් රට හරිමගට ගන්න හදනකොට මෙහෙම වුනේ.

ලංකාව ඒවා අගය නොකලට ආසියාවේ හොදම බැංකුකරු වුනෙත් මමයි. ලබන අවුරුද්දේ G-24 සභාපතිකම ලැබෙන්නත් තිබුනා. දුෂණය නැති කිරීමේ ප්‍රතිවිපාකයත්, සාමුහික වගකීම කියලා හැමදේම බාර ගැනීමත්, අවස්ථාවාදීන්ගේ ඊර්ෂ්‍යාවත් මේකට බලපෑවා ” රවී කරුණානායක මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

ප්‍රදේශ 14කට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

colombotoday

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

colombotoday

මහින්ද නායකත්වය දුන්නොත් ශ්‍රීලනිපය අන්ත පරාදයි.. පක්‍ෂය දිනවිය හැක්කේ මෛත්‍රීටයි

colombotoday

බිරිඳ දමා සිරකර සැමියා ගෙට ගිනි තියලා

Admin

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

colombotoday

සභාපති නැති මුදල් කාරක සභාව ගැන සජිත් ප්‍රශ්න කරයි

Admin