Colombo Today Local News

කඩු පොලු රැගත් මැරයෝ කින්නියා සිවිල් ආරක්ෂක බලකා කාර්යාලයට පනී.. පුද්ගලයෙකු කපා කොටා යකා නටති

කඩු පොලු රැගත් පහළොවක පමණ පුද්ගලයන් පිරිසක්‌ සිවිල් ආරක්‍ෂක බලකායේ කන්නියා උප කලාප කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි මේස පුqටු පෙරළා දමා කළහකාරී ලෙස හැසිරුණු බවත් එම කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයෙකු බරපතළ ලෙස කපා කොටා දැමු බවත් ප්‍රදේශවාසීන් පවසති.

පෙරේදා (20) සවස මෙම පිරිස ත්‍රිකුණාමලය කන්නියා ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්‍ෂක උප කලාප කාර්යාලයට යාබද නිවසක ජීවත්වු මවකට හා පුතෙකුට කඩු වලින් පහරදී තුවාල සිදු කර නිවස ඉදිරිපිට නවතා තිබු ත්‍රීරෝද රථයකටද හානි සිදු කර තිබේ.

කඩුපහරවලින් බේරීමට නිවෙස්‌ හිමියා අසල සිවිල් ආරක්‍ෂක කලාප කාර්යාලය දෙසට දිව ගොස්‌ ඇති අතර පසු පසින් එලවා ගෙන ගිය මෙම පිරිස එම කාර්යාලය ඉදිරිපිටදීම ඔහු කඩුවලින් කපා කොටා තිබේ. සෙසු පිරිස සිවිල් ආරක්‍ෂක කාර්යාලයේ පසුපසින් ඇතුළුවී මේස පුටු පෙරළා දමා කලහකාරී ලෙස හැසිරී තිබේ.

තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන මාංකායි උත්තු පදිංචි පිල්ලෙයම්බලම් ප්‍රභාකරන් නමැති අය නුවර මහ රෝහලට මාරු කර යෑවු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

තම නිවසට පහරදීමට මැර පිරිස පැමිණි අවස්‌ථාවේ පොලිසියට දෙවතාවක්‌ දැනුම් දුන්නද පහරදුන් පිරිස ගොස්‌ පැයකට පමණ පසුව පොලිසිය ආ බවත් පොලිසිය කලින් පැමිණියේ නම් මෙවන් සිදුවීමක්‌ නොවන බවත් මේ වනතෙක්‌ පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැති බවත් තුවාල ලැබු පුද්ගලයාගේ සොහොයුරිය වන ශිවා දර්ශණි මහත්මිය පැවැසුවාය.

මේ සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා ඊයේ (21 දා) පෙරවරුවේ අපරාධ ස්‌ථාන පරීක්‍ෂණ නිලධාරීන් එම ස්‌ථානයට පැමිණ තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් උප්පුවේලි පොලිසිය පවසයි.

-සමන් මල්ලවආරච්චි

Related posts

‘වැට් බද්දෙන් ව්‍යාපාරිකයා සුනේ සුන්’.. ඉතිහාසයේ මුල්වරට ගම්පහත් හර්තාල්

colombotoday

ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

මම දේශපාලනයේ නැවත උපදිනවා – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

colombotoday

මහින්දානන්ද නිදහස්.. අල්ලස් කොමිසම චෝදනාව ඉල්ලා අස්කර ගනී

colombotoday

වොක්ස්වැගන් ෆැක්ටරිය ජර්මනියේ හදල ඉවරයි.. ගෙනත් හයි කරන්න විතරයි තියන්නේ – ඇමති අකිල

colombotoday

විශ්වාසභංගයෙන් පසු අලුත් ආණ්ඩුවක්… නව කැබිනට් මණ්ඩලය සති අන්තයේ දිවුරුම් දෙයි..!

colombotoday