Colombo Today Local News

මමත් එදා චන්ද්‍රිකාට බැන බැන, අඬ අඬා හිටියානම් යුද්දය තවත් ඉවර නෑ..

සිය පාලන කාලයේ ඉටු කරමින් තිබූ සියලූ යහපත් දේ නතර කළ මෙම ආණ්ඩුව විපක්ෂයේ සිටියදී පුන පුනා වැරදි බව පැවසු සියලූ කි‍්‍රයාකාරකම් ඊටත් වඩා ඉහළින් සිදු කරමින් සිටීම කනගාටුදායක කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ උදා වූ සිංහල අවුරුද්දට පසුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයට පැමිණීමෙන් අනතුරුව පිළිගැනීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. කුරුණෑගල වැව රවුමේ පිහිටි එ්කාබද්ධ විපක්ෂ කාර්යාලයේ දී මෙම උත්සවය පැවැත්විණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

”අද සිද්ධ වෙන්නේ අපට බණිනවා අපේ කාලයේ හොරකම් කළා කියලා. එ් වුණාට මෙයාලා එ් වගේ හතර පස් ගුණයක් හොරකම් කරනවා. මීතොටමුල්ලේ මියගිය මිනිස්සුන්ට දුන්න මිනී පෙට්ටියෙනුත් හොරකම් කරන තත්ත්වයට මේ ආණ්ඩුව වැටිලා. අඩුම තරමේ මියගිය මනුස්සයගේ මෘත ශරීරයට හරි ගෞරවයක් තියෙන්න ඕන. මේ ආණ්ඩුවට මනුස්සකම නෑ. මේ කසළ ගැටලූවට විසඳුමක් දෙන්න අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය පවා අපි අරගෙන තිබුණේ. එ් සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන පවා වෙන් කරලා තියෙද්දී තමයි රජය පෙරළුණේ.

මම මුලින්ම බලයට ආවේ චන්ද්‍රිකා යුගය ඉවර වෙලා. ඉතිං මම මට ඉස්සර තිබුණ යුගයට බැණ බැණ හිටියා නම්, අඬ අඬා හිටියා නම් මට පුළුවන් වෙනවද යුද්ධෙ ඉවර කරන්න. එ් වගේම තමයි මට පුළුවන් වෙනවද රට සංවර්ධනය කරන්න. එ් පසුගිය යුගයේ සිද්ධ වුණ දේවල් ගැන හොයන්න ඕන. හැබැයි එ් දේවල් මතම ඉඳලා ඵලක් නෑ. රට ඉදිරියට අරගෙන යන්න ඕන. අපට දිගටම චෝදනා කරනවා. නඩු දානවා. ලෝකයේ කිසිම රටක නැතිව ඇති මේ තරමට පළිගන්න ආණ්ඩුවක්. මේ පළිගැනීම් නිසාම අද දෙවියොවත් මේ රජය දිහා බලන්නේ නෑ.

Related posts

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න – මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීම්

colombotoday

ඤාණසාර හිමියන්ගේ ශිෂ්‍ය හිමියන්, තම ලොකු හාමුදුරුවන් වහන්සේ ගැන හැගුම්බරව කී කතාව…

colombotoday

අසාත් සාලිගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

colombotoday