Colombo Today Local News

තහනම් ග්ලයිෆොසෙට් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

කීරමූන්දලම ප්‍රදේශයේ සඟවා තිබූ ග්ලයිෆොසේට් තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

නාවික හමුදාවට ලද තොරතුරක් මත වයඹ නාවික විදානයේ නිළධාරීන් පිරිසක් සිදුකල වැටලීමකදී පඳුරක් තුළ සඟවා තිබියදී අදාළ ග්ලයිෆොසේට් තොගය සොයාගෙන ඇති බව සඳහන් වෙයි.

ග්ලයිෆොසේට් කිලෝ ග්‍රෑම් 630ක් එලෙස සඟවා තිබූ බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදාව භාරයට ගත් ග්ලයිෆොසේට් තොගය වැඩිදුර විමර්ශනය සඳහා පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

පසුගිය 21 වනදා ද පෙරියපාඩු ප්‍රදේශයේදී ලොරි රථයකින් ප්‍රහවාහනය කරමින් තිබූ ග්ලයිෆොසේට් ග්‍රෑම් 100 බැගින් අඩංගු ඇසුරුම් 4205ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

මුස්ලිම් 7ක් ජාතික වීරයන් ලෙස නම් කරන්න.. ජනපතිගෙන් උපදෙස් !!

colombotoday

ඩිෆෙන්ඩරයක් සොයා පොලීසියේ 50ක් වෙල්ගමගේ වත්ත පීරයි.. හිස් අතින් ආපසු යයි !

colombotoday

එක්නැලිගොඩ ගැන අහන්න හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානියා උසාවි කැදවයි !

colombotoday

නව අමාත්‍යංශ දෙකක් නම් කරමින් ගැසට් පත්‍රයක්

colombotoday

කැබිනට් මණ්ඩලය 32 දක්වා වැඩි කරනවා – අගමැති ජනපතිට දන්වයි

colombotoday

“විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා” – විද්‍යා ඝාතන සැකකරු අධිකරණයේදී සාක්ෂි දෙයි

colombotoday