Colombo Today Local News

ත්‍රස්තවාදය නිමා කළ රණවිරුවන්ට අත නොතබනු.. ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ජිනීවාහිදී විදි බසී

30 වසරක යුද්ධය නිමා කල රණවිරුවන්ට සහ එයට එරෙහිව නායකත්වය දුන් , පිරිසට යුධ අපරාධ චෝදනා නගමින් අන්තර්ජාතික අධිකරණයක් ඉදිරියේ දඩුවම් ලබා දීමේ යෝජනාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ගෝලිය ශ්‍රි ලංකා සංසදය විසින් ඊයේ (22) විරෝධතාවයක් පැවැත්විණි.

ඒ සදහා ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, කැනඩාව, ජර්මනිය යන රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධනද එක්වී සිටියා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරට ලබා දුන් වාර්තාව අනුව ශ්‍රි ලංකා හමුදාවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද , ගෝලිය ශ්‍රි ලංකා සංසදය එහිදී සදහන් කළේය.

මෙම උද්ඝෝෂණය සදහා ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරමින් බන්දුල ගුණවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියහ.

Related posts

කොරෝනා වෛරසය ආසාදිතයින් 1045 ක් දක්වා ඉහලට

colombotoday

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday

මැයව හදුනනවාද? වහාම පොලිසියට දන්වන්න.

colombotoday

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

කට වසනු.. හිටපු ජනපතිට හා පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් දැඩි නියෝගයක්!

colombotoday