Colombo Today Sports News

ශ්‍රී ලංකාව පළමු දිනය අවසන්වන විට කඩුලු 04කට ලකුණු 321යි

Sri Lankan cricketer Kusal Mendis (L) is congratulated by his teammate Asela Gunaratne (R) after scoring a century (100 runs) during the first day of the opening Test cricket match between Sri Lanka and Bangladesh at the Galle International Cricket Stadium in Galle on March 7, 2017. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI

සංචාරක බංග්ලාදේශය හා ගාල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව පළමු දිනය අවසන්වන විට කඩුලු 04කට ලකුණු 321ක් ලබා සිටියේය.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 166ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 14ක් ද ලබා සිටිති.

අසේල ගුණරත්න ශතකය පෙනි පෙනී ලකුණු 85කට දැවී ගියේය.

කුසල්ගේ ලකුණු 166ට හතරේ පහර 18ක් හා හයේ පහර 2ක් අන්තර්ගවූ අතර හතරේ පහර 7කින් අසේල රැස් කළ ලකුණු 85 වර්ණවත් විය.

දිනේෂ චන්දිමාල්ට අද තරගයේද ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ අතර ඔහු ලකුණු 05කට දැවී ගියේය. කෙසේවුද, දිනේෂ් එම ලකුණු 05 රැස් කළේ පන්දු 54කට මුහුණ දෙමින්වීම විශේෂිතය.

උපුල් තරංගටද ලබාගත හැකිවූයේ ලකුණු 04ක් පමණි.

සිව්වැනි කඩුල්ලේ වාර්තාව අසේලට හා කුසල්ට

අසේල හා කුසල් බංග්ලාදේශයට එරෙහිව සිව්වැනි කඩුල්ලට ලකුණු 196ක් රැස්කරමින් නව වාර්තාවක් තැබීමට අද සමත් විය.

බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගයකදී සිව්වැනි කඩුල්ලට මෙතෙක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කර ඇත්තේ අරවින්ද ද සිල්වා හා කුමාර සංගක්කාර එකතුව ලකුණු 150කි.

වසර 2002 දී ආර්. ප්‍රේමදාස පිටියේදී එම වාර්තාව තබා තිබේ.

Related posts

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

MS ධෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

Admin

සිව්වැනි වරටත් වසරේ ක්‍රීඩයා කුමාර සංගක්කාර – Photo

colombotoday

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙට ඇරඹේ‍‍

colombotoday