Colombo Today Local News

සුදු වෑන් නැතිව පාතාලය මර්ධනය කරනවා – පොලිස්පති

පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගෙන ඉදිරියේදී සියලුම පාතාල කල්ලි ඉතා කෙටි කාලයකදී මර්දනය කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

ඔහු මේ අදහස් පලකලේ ඊයේ (06) වවුනියාව පොලිස් සංකීර්ණයේ ඉදිකළ සාම චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ නීතිය අතට ගැනීමට හෝ පොලිසිය පාලනය කිරීමට හෝ කිසිවකුටත් ඉඩ නොතබන බවයි.

පාතාල කල්ලි මර්දනය කිරීම නීත්‍යනුකූලව සිදු කරන බවත් ඒ සඳහා සුදු වෑන් වැනි නීති විරෝධී ක්‍රියා අනුගමනය නොකරන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ගැනීම නවතයි

colombotoday

ඓතිහාසික ජේතවන පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය ඩෝසර් වෙයි

colombotoday

එන්නත්කරණය අදත් තෝරාගත් රෝහල්වලදී

colombotoday

ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin

‘අස්වැසුම’ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන්ගේ මුදල් බැංකුවට

Admin