Colombo Today Local News

පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණ

උතුරේ ඉඩම් යළි බාර දී හමුදාව ඉවත් විය යුතු බවට බලකරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පදුකුඩිඩරිප්පු හිදී පාසල් සිසුන් කලහකාරී ලෙස උද්ගෝෂණයක නිරත වූ බව වාර්තා වනවා.

පාසල් නිල ඇදුමෙන් සැරසුනු ප්‍රාථමික පන්ති වල සිට උසස් පෙල පන්ති දක්වාම වූ ප්‍රදේශයේ පාසල් රැසක සිසුන් මෙම උද්ගෝෂණයට සහභාගී වී ඇති අතර පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන්ගේ උපදෙස් පරිදි ගුරුවරුන්, විදුහල්පතිවරු සහ දෙමව්පියන් මෙම උද්ගෝෂණයට සහාය දැක්වීම සදහා කැදවා තිබිණි.

මීට සමගාමීව යාපනය, වව්නියාව, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊයේ (20) උදෑසන පැයක විරෝධතාවක් පවත්වා තිබේ.

මුලතිව් කෝපාපිලව් හි ආරක්ෂක හමුදා භාරයේ තිබෙන, කොටි ගුවන් පථය පිහිටි ප්‍රදේශය ආපසු ඉල්ලා පසුගිය ජනවාරි 31 වනදා ආරම්භ වූ උපවාසය අඛණ්ඩව මේ වන විටත් පැවැත්වෙන අතර ඊට සහය පලකිරීම සදහා සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාවේ මුලතිව්, නිරාවිපිට්ටි, තන්නීර්උට්රු සහ හිජ්රාපුරම් යන මුස්ලිම් දේවස්ථානවල පරිපාලන සභා නායකයෝ කේපාපුලවූ උද්ඝෝෂණ භූමියට පැමිණ සිටියහ.

Related posts

ලංගමයේ පිල්ලි ගැසූ කෝටි 29ක් ගැන ගැන තොරතුරු එළියට

colombotoday

සූජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30 ක් අරන්… අධිකරණයේදී සියල්ල හෙළිවේ

colombotoday

තමන්ගෙත් පටි රෝල් වෙයි කියා ඇමතිලා බය වෙයි.. Chogm දූත ගමනේ රස රහස් මෙන්න

colombotoday

ඥානසාර හිමි විනාශ කිරීමේ “සිවූරෙන් බෙල්ල කැපිල්ල” කුමන්ත්‍රණය එලියට

colombotoday

රේල්පා‍රේ නින්ද ගිය දෙදරු පියා දුම්රියට බිලිවෙයි

Admin

ශ්‍රිලනිප ඇමතිවරු ඉල්ලා අස් වෙති

colombotoday