Colombo Today Local News

ලාබෙට දෙන්න රටින් ගෙනා හාල්වල අධික විෂක්.. කෑවොත් මිනිස් ජීවිත අනතුරේ !!

මෙරටට ආනයනය කර ඇති සහල් තොගයක අධික විෂ සහිත රසායනිකයක් අඩංගු වන බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවැසුවේ මෙම හාල්වලට පිටින් දමන ලද ගුල්ලෙක් විනාඩි 40ක පමණ කාලයකදී මිය ගිය බවයි.

මෙම හාල්වල කලු ඇට ඇති බවත් ඒවා පසුව එක් කරන ඇට වර්ගයක් බවත් කී ඔහු කල් තබා ගැනීම සදහා විධ අධික රසායනික එක්කර ඇති බවටද චෝදනා කලේය. මෙම සහල් ආහාරයට ගැනීම ජනතාවගේ සෞඛ්‍යට අධික අවදානමක් යයිද ඔහු කියා සිටියේය. මේ වස හාල් කනවා වෙනුවට ආණ්ඩුව කියූ පරිදි කොස් කොළ ,ක්‍රෝටන් කොළ ආහාරයට ගැනීම ශරීරයට හිතකර බවද ඔහු පැවසීය.

මහා පරිමාණ කොමිස් ජාවාරමක් මත මෙම සහල් තොගය ශ‍්‍රී ලංකාවට ආනයනය කර ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

Related posts

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩි වෙයි

colombotoday

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin

සෞඛ්‍ය පුරුදු හඳුන්වා දෙන සංඥා මාලාවක්

colombotoday

ආප්පයත් ගණන් උස්සයි…

colombotoday

මහසෝන් බළකායේ නායක අමිත්ට මොකද වෙන්නේ… අමිත්ගේ බිරිඳ කියන කතාව

colombotoday

අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday